ජර්මානු බලශක්ති සංක්‍රාන්තිය

ජර්මානු භාෂාවේ ‘Energiewende’ යන පදය ඉංග්‍රිසි භාෂාව සාර්ථකව පරිවර්තනය වෙමින් ස්වකිය බලශක්ති ක්ෂේත්‍රය සම්පූර්ණ වශයෙන් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ජර්මනිය සතුව පවතින බලාපොරොත්තු යන අර්ථය ජනිත කරයි. වඩා නිශ්චිතව පැවසුවහෙත් ජර්මනිය න්‍යෂ්ඨික සහ පොසිල ඉන්ධනයන්ගේ සිට පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍රයන් වෙත සිදු කරන දේශපාලනික අධික්ෂණයක් සහිත මාරුවීම‘ එමගින් විස්තර කෙරේ. එහි වාච්‍යාර්ථ පරිවර්තනය වන ‘බලශක්ති හැරවුම‘ යන්න තුලින් බලශක්ති මාර්ගය වෙනස් කිරිම පිලිබඳ අදහස පෙන්නුම් කරනු ලැබේ. මෙම සංක්‍රාන්තියේ අපේකෂාව වනුයේ ආරක්ෂක උවදුරු මෙන්ම ජර්මනිය බලශක්ති ආනයන මත යැපීමේ තත්ත්වය අඩු කිරිමයි.

ජර්මානු චාන්සලර්වරිය වූ ඇංජෙලා මර්කෙල්ගේ ක්‍රිස්තියානි සහ ස්වාධින ප්‍රජාතන්ත්‍රවාදින්ගෙන් සමන්විත වූ රජයේ මූලික බලශක්ති මාරුවිම, ජපානයේ ෆුකුෂිමා හි ඇති වු න්‍යෂ්ඨික බලාගාර ව්‍යසනය සහ ඉන් පසුව ඇති වූ ජනතා විරෝධය හා බලපෑම ඉහළ යාම හේතවෙන් ආරම්භ විය.

ජර්මානු න්‍යෂ්ටික බලාගාර ගණනාවක්ම කඩිනමින් වසා දමන ලද අතර අනෙකුත් බලාගාර 2022 වසර වන විට වසා දැමීමට නියමිතය. විශේෂයෙන් සුළං සහ සූර්ය බලශක්තිය වැනි පුනර්ජනනීය බලශක්තින් කෙරෙහි වන ආයෝජනය දැඩිව ප්‍රවර්ධනය කරන ලද අතර හරිතාගාර වායු විමෝචනයෙන් වසර 2020 වන විට 40% කිනුත් වසර 2050 වන විට 80% කිනුත් (1999 මට්ටම් හා සාපේක්ෂව) පහත හෙලීම පිළිබඳ කටයුතු දිගටම සිදු කරන ලදී.

බලශක්ති සංක්‍රාන්තිය සම්බන්ධයෙන් පවතින අනිවාර්ය අභියෝගයක් වනුයේ වර්තමාන ජාතික විදුලි සැපයුම් ජාලය ප්‍රුඵල් වීමයි. උත්පාදනය කරන ලද බලශක්තිය රට ඇතුලත විශ්වාසදායක අයුරින් අවශ්‍ය පරිදි ප්‍රවාහනය කිරිම සිදු වන බවට සනාථ කිරීම සඳහා යුරෝ බිලියන කිහිපයක් ආයෝජනය කිරීම අවශ්‍ය විය. තවදුරටත් ඉහළ ඉල්ලුමක් පවතින කාලවකවානු ඇතුළත පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍රයන්ගෙන් උත්පාදනය කරන ලද බලශක්තිය වඩා සාධනීය අයුරින් භාවිතා කිරීමට නම් ගබඩා කිරීමේ තාක්ෂණයන් තුලද වැඩි දියුණු කිරීම් සිදුකිරීම අවශ්‍ය වේ.

හිටපු ජර්මානු පරිසර අමාත්‍ය පීටර් ඇල්ට්මේයර් මහතාට අනුව නව පුනර්ජනක බලශක්ති සැපයුමක් කෙරෙහි වන ගමන තුලින් ජර්මානු ආර්ථිකය වඩා නව්‍ය සහ තර්‍රගකාරී එකක් බවට පත් වන අතර එබැවින් දීර්ඝ කාලින වශයෙන් වඩා පුළුල් අපනයන අවස්ථාවන් පිරිනැමෙනු ඇත. කෙසේ වුවද දෙවන ලෝක යුද්ධයෙන් පසුව සිදුවු ප්‍රතිසංස්කරණය කිරිම් වලින් අනතුරුව ජර්මනියේ ඇති වූ විශාලතම යටිතල පහසුකම් ව්‍යාපෘතිය ‘Energiewende’ බලශක්ති හැරවුම වන බැවින් මෙම ව්‍යාපෘතිය අවසන් කිරීම සඳහා පරම්පරා ගණනාවක් ගතවනු ඇති බවට අපේක්ෂා කෙරේ.

1Source: www.dw.com

‘Energiewende’ යන්න ශීර්ෂපාඨ කිහිපයක් තුලින්:

  • ගල් අඟුරු, තෙල් සහ වායුන් දැවිම තුලින් අපගේ කාලගුණය පමණට වඩා උණුසුම් වීම සිදු වේ. අපගේ වර්තමාන බලශක්ති සැපයුම තිරසාර නොවේ. ‘Energiewende’ බලශක්ති හැරවුම ව්‍යාපෘතියේ එක් ප්‍රධාන අරමුණක් වනුයේ පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍රයන් වෙත මාරුවීම මගින් සහ ඉහළ කාර්යක්ෂමතාවයක් තුලින් ඉල්ලුම අඩු කිරීම මගින් සපයනු ලබන බලශක්තිය කාබන්හරණයට ලක් කිරීමයි.
  • බලශක්ති සංක්‍රාන්තිය තුළින් හරිත නවෝත්පාදනය වැඩි වීම, රැකියා නිර්මාණය කිරිම සහ හරිත තාක්ෂණයන් අපනයනය කරන්නකු වශයෙන් සිය තත්ත්වය මනාව ස්ථාපිත කර ගැනීම සඳහා ජර්මනියට සහාය සැලසීම යනාදිය සිදු වේ.
  • පවත්නා අවදානම් පිරිවැය ගැටළුව සහ අපද්‍රව්‍ය පිලිබඳ නොවිසඳුනු ගැටලුව හේතුවෙන් ජර්මනිය විසින් න්‍යෂ්ටික බලශක්තිය ප්‍රතික්ෂේප කරනු ලැබේ. එයට අමතරව අනාගත ලෝක බලශක්ති සැපයුම තුළ ප්‍රධාන භූමිකාවක් දැරීමේ විභවතාවයක් න්‍යෂ්ටික බලශක්තිය සතුව නොපවති.
  • පොසිල ඉන්ධනයන්ගේ මිල ගණන් පුරෝකථනය කළ නොහැකි අයුරින් උච්චාවචනය වීම සහ විදේශ වලින් ඇතිවන දේශපාලන බලපෑම යන කරුණු ඉදිරියේ ජර්මනිය අඩු අවදානම් පාතත්‍රාවකට ලක් කරමින් ජර්මනිය බලශක්ති ආනයන මත යැපිමේ තත්ත්වය අඩු කිරීමට පුනර්ජනනීය බලශක්තින්ට හැකි ය.

හෙයින්රිච් බොඑල් පදනම මගින් පලකරනු ලබන The German Energiewende ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලදි.( Extract from “The German Energiewende Book” published by the Heinrich Boell Foundation)

පුනර්ජනනීය බලශක්තිය මත පදනම් වූ අනාගතයක් පිලිබඳ පවතින තර්කනයන් පිලිබඳ වැඩිදුර තොරතුරු ලබා ගැනීමට https://book.energytransition.org වෙබ් අඩවියට පිවිසෙන්න.