පුනර්ජනනීය බලශක්තිය

බලශක්තිය යනු යම්කිසි පද්ධතියකට වැඩ කිරීමට පවතින ශක්තියයි. සැබැවින්ම යමක් සතුව පවතින බලශක්තිය යනුවෙන් අදහස් වනුයේ යම් යම් දෑ සිදු කිරීමට සැලසීම සඳහා ඒ සතුව පවතින ශක්තියයි. මෙහිදි මෙම පද්ධතිය, සිය ගනනක් මගින් ප්‍රවාහනය කරමින් සිටින ජෙට් යානාවක්, අස්ථි සෛල නිර්මාණය කරමින් සිටින මිනිස් සිරුරක් හෝ සුලඟ මගින් ඉහළ යමින් සිටින සරුංගලයක් විය හැකිය. එහා මෙහා යාමේදී හෝ වැඩිමේදී මෙම එක් එක් පද්ධති විසින් යම් වැඩක් සිදුකිරිමක් බලශක්තිය භාවිතා කිරිමක් සිදු වේ. එය එක් වර්ගයක සිට තවත් වර්ගයකට වෙනස් කිරිම පමණක් සිදු කළ හැකි අතර එය නිර්මාණය කිරීමට හෝ විනාශ කිරීමට නොහැකිය.

සූර්යාලෝකය, සුළඟ, උදම්, තරංග සහ භූ තාප වැනි මානව කාලසටහනක් අනුව ස්වාභාවික වශයෙන් නැවත නැවත හටගන්නා සම්පත් මගින් උත්පාදනය කරනු ලබන බලශක්තිය පුනර්ජනනීය බලශක්තිය වශයෙන් හැඳින්වේ. එය විවිධ ස්වරූපයන්ගෙන් දැකගත හැකි අතර උදාහරණ වශයෙන් සුර්යයාගෙන් හෝ ගැඹුරු භූ ගර්භය තුළ උත්පාදනය වන තාපයෙන් සෘජුවම ලබාගත හැකිය.

පුනර්ජනනීය බලශක්තින් පිලිබඳ වැඩිදුර තොරතුරු www.iea.org වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය.

පුනර්ජනනීය බලශක්තින් අතරින් එක් ඉතාම ප්‍රසිද්ධ බලශක්ති වර්ගයක් වනුයේ සූර්ය බලශක්තියයි. සූර්ය යනු හිරු යන්නට ලතින් භාෂාවෙන් වන වචනයයි. ලොව සියලුම දෙනා විසින් එක වර්ෂයක් තුළ භාවිතා කරනු ලබන සියලු බලශක්තියට වඩා වැඩි බල ශක්ති ප්‍රමානයක් එක් පැයක් තුළ සූර්යයාගෙන් පෘථිවිය වෙත පතිත වෙයි. එය නිවාස සහ ව්‍යාපාරයන් වෙත අවශ්‍ය උෂ්ණත්වය, සිසිලස සහ ආලෝකය සැපයීම සඳහා භාවිතා කළ හැකි ප්‍රබල බලශක්ති මුලාශ්‍රයකි. සූර්යාලෝකය ගොඩනැගිලි සඳහා භාවිතා කළ හැකි බලශක්තිය බවට පරිවර්තනය කරනු ලබන විවිධ වූ තාක්ෂණයන් පවතී. වඩාත්ම බහුලවම භාවිතා වන සූර්ය බලශක්ති තාක්ෂණයන් වනුයේ සූර්ය බලශක්තියෙන් ජලය උණු කිරීම සහ විදුලි උත්පාදනය සඳහා සුර්ය ප්‍රකාශ වෝල්ටීයතාවය (solar photovoltaic) භාවිතා කිරීමයි.

සංවර්ධිත, නැගීඑන සහ සංවර්ධනය වෙමින් පවත්නා වශයෙන් රටවල් 150කට වඩා වැඩි ප්‍රමාණයක ජල විදුලිය උත්පාදනය කරනු ලැබේ. ගංගාවල හෝ මිනිසා විසින් නිපදවූ කෘතිම පිහිටුවීම් වලින් ගලා යන නැවුම් ජලය මගින් කරකවනු ලබන ටර්බයින තුලින් මෙහිදී ශක්තීය උකහා ගනු ලැබේ. වාතයට වඩා 800 වාරයක් ඉහළ ඝනත්වයක් ජලය සතුව පවතින බැවින් සෙමෙන් ගලා බස්නා දිය පහරක් හෝ මධ්‍යම ප්‍රමානයේ මුහුදු දියවැලක් තුලින් පවා සැලකිය යුතු බලශක්ති ප්‍රමාණයක් උත්පාදනය කරගත හැකිය. එබැවින් ලෝකයේ සමස්ත විදුලි ඉල්ලුමෙන් 16% ක් පමණ දැනට උත්පාදනය කරනු ලබන්නේ ජල විදුලිය වශයෙනි.

භූ තාප බලශක්තිය යනු පෘථිවිය තුල උත්පාදනය වි ඒ තුළ ගැබ් වී පවත්නා තාප බලශක්තියයි. පෘථිවිය ගැඹුරෙහි පවත්නා වාෂ්ප හෝ උණු දිය ජලාශ මගින් එහි උෂ්ණත්වය ලබා ගත හැකි අතර විදීම මගින් ඒ වෙත ප්‍රවේශ විය හැකිය. එයද ගොඩනැගිලි ඇතුලත උණුසුම් කිරීමේ සහ සිසිල් කිරීමේ ක්‍රියාවලීන් සඳහා වන කාර්යක්ෂම පුනර්ජනනීය බලශක්ති තාක්ෂණයක් වේ. භූ තාප උෂ්ණත්ව පොම්පයක් සහ උෂ්ණත්ව හුවමාරු ක්‍රමයක් හරහා තාප උෂ්ණත්ව බල ශක්තිය පෘථිවිය වෙතටත් (සිසිල්කරණ කටයුතු සඳහා) පෘථිවියෙන් බැහැරටත් (උණුසුම්කරණ කටයුතු සඳහා) හුවමාරු කිරීම වෙනස් වන සෘතුමය පදනමක් අනුව සිදුවේ.

තවත් ජනප්‍රිය පුනර්ජනනීය බලශක්ති වර්ගයක් වනුයේ සුළං බලශක්තියයි. සුළං ටර්බයින කරකැවීම සඳහා සහ බලශක්තිය උත්පාදනය කිරීම සඳහා වායු ප්‍රවාහයන් භාවිතා කළ හැකිය. වෙරල ප්‍රෙද්ශ සහ ඉහළ උන්නතාංශයක් සහිත ස්ථාන වැනි සුළං ප්‍රබලව සහ අඛණ්ඩවය පවතින ප්‍රදේශයන් සුළං බලාගාර පිහිටුවීම සඳහා වඩාත් යෝග්‍ය ස්ථානයන් වේ.

ජෛව ස්කන්ධය යනු මුළුතැන්ගෙයි කාබනික අපද්‍රව්‍ය ශාක හෝ සත්ත්ව පදාර්ථ වැනි සජීවී හෝ ඉතාම මෑතකාලීනව ජීවී වශයෙන් පැවති වස්තුන් තුලින් උකහා ගනු ලබන ජෛව විද්‍යාත්මක ද්‍රව්‍යයි. බලශක්ති මූලාශ්‍රයක් වශයෙන් තාප උෂ්ණත්වය නිර්මාණය කිරීම සඳහා ජෛව ස්කන්ධය දහනය කිරීම ඔස්සේ සෘජුවම භාවිතා කිරීමට හෝ එය විවිධ ස්වරූපයේ ජිව ඉන්ධන බවට හරවමින් වක්‍ර ආකාරයන් භාවිතා කිරීම හෝ සිදු කළ හැකිය.