ග්‍රීන් එනර්ජි චැම්පියන් ඇක්සලරේටර් 2021

හරිත බලශක්ති ශූරයා 2021 ඔබේ ව්‍යාපාර වර්ධන වේගය කඩිනම් කිරීම සඳහා තීව්‍ර, වේගවත් හා ගැඹුරු පුහුණුවක් සහිත උසස් වැඩසටහනක් ඔබට ඉදිරිපත් කරයි.

මෙහි අරමුණ වන්නේ ආරම්භක ව්‍යවසායකයින්ගේ මෙහෙයුමක් වන මිනිසුන්ට සහ පෘථිවියට වඩා හොඳ අනාගතයක් නිර්මාණය කිරීම සඳහා සහාය ලබා දීමයි. මෙය හැච් වර්ක්ස් (Hatch Works) සහ ගුඩ් ලයිෆ් එක්ස් Good Life X (GLX) විසින් ක්‍රියාවට නැංවෙන අතර, තෝරාගත් සහභාගිවන්නන් හට ක්ෂේත්‍ර ප්‍රවීණයන්ගේ උපදේශනය හා මෙහෙයවීම යටතේ තම අදහස් වෙළඳපල වෙත සුදානම් කිරීම සඳහා ආධාරක සම්පත් සහ යටිතල පහසුකම් සලසා දෙනු ලැබේ.

ග්‍රීන් එනර්ජි ඇක්සලරේටර් 2021 හට, විදුලිබල අමාත්‍යාංශය, සහ සූර්ය, සුළං හා ජල විදුලි උත්පාදන ව්‍යාපෘති සංවර්ධනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය සහ ජර්මානු ෆෙඩරල් විදේශ කාර්යාලය වැනි ප්‍රධාන දේශපාලන පාර්ශ්වකරුවන් ගේ අවධානය ලැබෙන අතරම ශ්‍රී ලංකාවේ ජර්මානු කර්මාන්ත හා වාණිජ නියෝජිතයින් (Delegation of German Industry and Commerce in Sri Lanka) හරහා ගෝලීය වෙළෙඳපොළ විනිවිද යාමේ අවස්ථාද පුළුල් කරයි.

ඔබට මෙමගින් ලැබෙන ප්‍රතිලාභ

මෙම වැඩසටහන මගින්:

  • ඔබේ සමාගමේ දැක්ම, මෙහෙවර සහ අරමුණු සමඟ ගැලපෙන පරිදි සැබවින්ම තිරසාර මෙහෙයුමක් සාක්ෂාත් කර ගැනීම සඳහා උපාය මාර්ග සකස් කිරීමට ඔබට උදව් කරයි.
  • මෙම කර්මාන්ත ව්‍යුහය පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකි හවුල්කාරිත්වයන්ට ඔබව නිරාවරණය කරන අතර අවස්ථාවන් තක්සේරු කිරීමට සහ වෙළඳපොල ප්‍රවේශයට ඇති බාධක ජය ගැනීමට අවැසි අවබෝධයදඔබට ලබා ගත හැකි වේ.
  • දේශීය හා ජාත්‍යන්තර වෙළඳපල වෙත සුමටව පිවිසීමේ අවස්ථා වැඩි කරමින් තක්සේරුගත අවදානම් මැනීමට සහ ගැනීමට ඔබව පුහුණු කරයි.
  • ඔබේසමාගමේ නිෂ්පාදන සංවර්ධනයට සහ වර්ධනයට සහාය විය හැකි යටිතල පහසුකම් සහ සම්පත් ඔබට ලබා දේ.
  • ඔබේ ව්‍යාපාරය ස්ථාපිත කිරීමට සහ වර්ධනය කිරීමට හැකි වන පරිදි ව්‍යාපාර සහ වෙළඳපල බුද්ධියෙන් ඔබව සන්නද්ධ කරයි.
  • හරිත බලශක්ති චැම්පියන් හි පුළුල් ජාතික/ජාත්‍යන්තර ජාලයන්ගෙන් (හවුල්කරුවන් ගැලපීමේ සැසිය හරහා) ඔබට බෙදාහරින්නන්, අනාගත ආයෝජකයින්, ගනුදෙනුකරුවන් සහ මාධ්‍ය හමුවීමේ අවස්ථා සැලසේ.
  • පරිසරය හා ආර්ථිකය කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කිරීමට ඔබව ශක්තිමත් කරයි.
  • මූලාකෘති තැනීම සහ පරීක්ෂා කර බැලීම පිළිබඳ මග පෙන්වීමක් ඔබට ලබා දේ.
  • ඔබේ වෙළඳ නාම පණිවිඩය පුළුල් ප්‍රේක්ෂක පිරිසක් වෙත යොමු කිරීම සඳහා, පවතින මෙවලම් (සමාජ මාධ්‍ය ඇතුළුව) භාවිතා කිරීමට ඔබව පුහුණු කිරීම තුලින් ව්‍යාපාර උද්දීපනය, ජාලකරණ අවස්ථා සහ සහයෝගිතා ව්‍යාපෘති වෙත මග පාදයි

තෝරා ගැනීමේ ක්‍රියාවලිය

පහත සඳහන් තේරීම් නිර්ණායක මත පදනම්ව සියලුම අයදුම්පත් ඇගයීමට ලක් කෙරේ:

    1. තිරසාර බව
      සියළුම අයදුම්කරුවන්, අවම වශයෙන් පහත එක් අංශයකට හෝ අදාළ ව්‍යාපෘතියක් ඉදිරිපත් කළ යුතුයි:
  • තිරසාර සංචලතාව
  • බලශක්ති කාර්යක්ෂමතාව
  • පුනර්ජනනීය බලශක්තිය
  • අවම ශක්‍ය නිෂ්පාදනයක් (Minimum Viable Product)
    සියලුම අයදුම්කරුවන් හට අවම ශක්‍ය නිෂ්පාදනයක් තිබිය යුතුයි – එනම් වැඩ කරන මූලාකෘතියක් හෝ දැනටමත් වෙළඳපොළට නිකුත් කර ඇති නිෂ්පාදනයක්.
  • තාක්ෂණික ශක්‍යතාව
    සෑම අයදුමක්ම එහි තාක්ෂණික ශක්‍යතාව මත තක්සේරු කරනු ලැබේ. අමුද්‍රව්‍ය, ශ්‍රමය, ප්‍රවාහනය, පිහිටීම සහ භාවිතා කරන තාක්‍ෂණය වැනි අංශයන් ඔස්සේ සමස්ත ශක්‍යතාව අගයනු ලැබේ.
  • මූල්‍ය තිරසාර බව
    ඔබේ අයදුම් පත සමග මූල්‍ය ප්‍රකාශන හෝ ආයෝජනවල වර්තමාන සහ පුරෝකථනය කළ ප්‍රතිලාභ විස්තර කරන අයවැයක් ඇතුළත් විය යුතුයි. (විධායක සාරාංශ ආකෘතිය) බලන්න)
  • වෙළඳපල සුදුසුකම්
    ව්‍යාපෘතිය මඟින් පවතින වෙළඳපොලෙහි තිරසාරභාවය හා සම්බන්ධ අවශ්‍යතාවයක් / ගැටලුවක් හඳුනාගෙන ඒ සඳහා විසඳුමක් ලබා දිය යුතුයි.
  • පරිමාණය
    ඔබගේ නිෂ්පාදනයට පුළුල් වෙළඳපලක අවශ්‍යතා සපුරාලීමට හැකි විය යුතුයි (ගෝලීය, ජාතික හෝ කලාපීය වශයෙන්). එයට දේශීය සහ / හෝ ගෝලීය වෙළඳපොළවලට අනුගත වීමේ විභවයක් තිබිය යුතුයි.
  • බලපෑම
    ව්‍යාපෘතිය මඟින් ප්‍රජාව, පරිසරය හෝ අදාළ කර්මාන්තය කෙරෙහි ධනාත්මක වෙනසක් ඇති කළ යුතුයි.
  • කණ්ඩායම
    ව්‍යාපාරයේ වර්ධනයට සහ සාර්ථකත්වයට මූලික වන කුසලතා, පළපුරුද්ද සහ ගති ලක්ෂණ ඔස්සේ ව්‍යවසායකයාගේ / කණ්ඩායමේ ලක්ෂණ තක්සේරු කෙරේ.

කාල රේඛාව

ක්‍රියාකාරකම් දිනයන්
අයදුම් පත් කැඳවීම අප්‍රේල් 15 සිට මැයි 29 දක්වා
ඇක්සලරේටර් වැඩසටහන ජූලි 2021 සිට දෙසැම්බර් 2021දක්වා
හවුල්කරු ගැලපීම් සැසිය ඔක්තෝම්බර් 2021
ආදර්ශන දිනය ජනවාරි 2022

ඉල්ලුම් කළ යුතු ආකාරය

න් එනර්ජි ඇක්සලරේටර් 2021 වෙත අයදුම් කිරීම සඳහා කරුණාකර මෙම අයදුම් පත්‍රය පුරවන්න. අයදුමට ඇතුළත් විය යුතු අග:

  • අන්තර්ජාලය හරහා සම්පූර්ණ කළ අයදුම් පත්‍රය
  • ව්‍යාපෘතිය පිළිබඳ ප්‍රධාන විස්තර සහිත විධායක සාරාංශ ආකෘතිය. මෙතැන ක්ලික් කරන්න.
  • ඔබගේ ඉදිරිපත් කිරීම (උපරිම ස්ලයිඩ්ස් 12 ක්, PDF ආකෘතියෙන්)

අන්තර්ජාලය හරහා අයදුම් කිරීමට මෙතැන ක්ලික් කරන්න. 2021 මැයි 29 වන දිනට පෙර අයදුම් කළ යුතුය.

නිතර අසනු ලබන ප්‍රශ්න

මා තෝරාගත් පසු කුමක් සිදුවේද?

ඔබ Hatch සහ Good Life X විසින් පවත්වනු ලබන මාස හයක “ග්‍රීන් එනර්ජි චැම්පියන් ඇක්සලරේටර්” වැඩසටහන සදහා සම්බන්ධ වේ.

ඇක්සලරේටර් වැඩසටහන යනු කුමක්ද?

ඇක්සලරේටර් වැඩසටහන යනු කෙටිකාලීන වර්ධන වැඩසටහනක් වන අතර එය වසර ගණනාවක් ඇතුලත ලබා ගන්නා දියුණුව පිලිබඳව මාස කිහිපයක් තුළ දැනගැනීමට ලැබෙන වැඩසටහනකි.

මාගේ අයදුම්පත පිළිබඳව නැවත මා දැනුවත් කරන්නේ කවදාද?

අපගේ විනිශ්චය මණ්ඩලය සමඟ සම්මුඛ පරීක්ෂණයක් සඳහා ඔබ තෝරා ගනු ලැබුවහොත් ඒ පිලිබදව ජුනි මාසයේ අපි ඔබට දැනුම් දෙන්නෙමු.

ඇක්සලරේටර් වැඩසටහන පවත්වනු ලබන්නේ කුමන භාෂාවෙන්ද?

ඉන්ගීසි  භාෂාවෙනි.

තෝරා ගැනීමේ නිර්ණායක මොනවාද?

සියළුම අයදුම්කරුවන්ට තිරසාර හා පරිමාණ විභවයන් සහිත අවම ශක්‍ය නිෂ්පාදනයක්  හෝ මූලාකෘතියක් (Minimum Viable Product/Prototype)  තිබිය යුතු අතර, අදහස, නව්‍යකරණය හෝ නිෂ්පාදනයේ තාක්‍ෂණික ශක්‍යතාවය  සහ වෙළඳපල යෝග්‍යතාව පිළිබඳව සමාලෝචනය කෙරේ.

පෙර GEC වැඩසටහන් සහ මෙය අතර වෙනස කුමක්ද?

හරිත බලශක්ති ශූරයා 2021 සදහා තෝරාගත් සහභාගිවන්නන්ට විශේෂ ඇක්සලරේටර් වැඩසටහනකට ප්‍රවේශය ලබා දෙයි. මෙය Hatch සහ Good Life X විසින් දියත් කරයි. මෙම වැඩසටහන ව්‍යාපාරික හා අලෙවිකරණ ඥාණය ඇති සහභාගිවන්නන්ට ඔවුන්ගේ ව්‍යාපාර ස්ථාපිත කිරීමට හා වර්ධනය කිරීමට සක්‍රියව සහාය වීම, අවස්ථාවන් හදුනා ගැනීමට සහ පහසු වෙළඳපල ප්‍රවේශය සඳහා තක්සේරුගත අවදානම් ගැනීමට ඉඩ සැලසීම සහ හවුල්කරුවන්, බෙදාහරින්නන්, ආයෝජකයින්, ගනුදෙනුකරුවන් සහ මාධ්‍ය හවුල්කරුවන් හමුවීමේ අවස්ථා සැලසීම සමගම පරිසරය, ප්‍රජාව සහ ආර්ථිකය කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කිරීමට අවස්ථාව ලබා දීමද සිදු කෙරේ.

හරිත බලශක්ති ශූරයා ඇක්සලරේටර් වැඩසටහනට සහභාගී වීමට මගේ සමාගම ඇතුළත් කළ යුතුද?

ඔබේ සමාගම ඇතුළත්  කිරීමට අවශ්‍ය  නැති නමුත් යෝජිත අදහසෙහි අවම වශයෙන් මූලාකෘතියක් හෝ අවම ශක්‍ය නිෂ්පාදනයක් (Minimum Viable Product/Prototype)තිබිය යුතුය.

මට මූල්‍යමය තොරතුරු නොමැති වුවද මූලාකෘතියක පදනම මත අයදුම් කළ හැකිද?

ඔවු ඔබට පුළුවනි.

ඉහළ මට්ටමේ යෝජනාවක් (high-level pitch) යනු කුමක්ද?

ඔබේ නිෂ්පාදනය/ව්‍යාපාරය  කරන්නේ කුමක්දැයි යමෙකුට පැවසීමට ඔබට ඇත්තේ තත්පර 30 ක් පමණක් යැයි සිතන්න. එය ලියා, ශබ්ද නඟා කියවා කාලය මැන online submit කිරීම ඉහළ මට්ටමේ යෝජනාවක් (high-level pitch) ලෙස සැලකේ.

මෙම වැඩසටහන අතර මගදි මම ඉවත්ව ගියහොත්, මගේ ව්‍යාපාර හවුල්කරුට වැඩසටහනේ මගේ ස්ථානය ලබා ගත හැකිද?

වැඩසටහන සඳහා තෝරා ගනු ලබන්නේ ව්‍යාපාරය/ ව්‍ය්පෘතියයි. එබැවින්, ව්‍යාපාරය / ව්‍ය්පෘතියේ  නියෝජිතයාට වැඩසටහන මගදි ඉවත්වීමට සිදුවුවහොත්, වැඩසටහනේ ඉතිරි කාලය තුළ මූලික කණ්ඩායම් නියෝජිතයෙකු සිටී නම් ඔබට ඉවත් විය හැක.

අපි වැඩසටහන සම්පූර්ණ කිරීමෙන් පසු කුමක් සිදුවේද?

ඇක්සලරේටර් වැඩසටහනෙන් පසුව හරිත බලශක්ති පරිසර පද්ධතියේ දේශීය හා විදේශීය හවුල්කරුවන්ට ගැලපෙන පරිදි විධිමත් හවුල්කරු ගැලපීම් සැසියක් (formal Partner Matchmaking Event)  සහ වැඩසටහන සම්පූර්ණ කරන සමාගම් ප්‍රදර්ශනය  කිරීම සඳහා ආදර්ශන දිනයක් ද (Demo Day) පැවැත්වේ.

සහභාගිවන්නන් සඳහා ඔබ නවාතැන් පහසුකම් ලබා දෙනවාද?

නැත.

මෙම තරගය විවෘත වන්නේ ශ්‍රී ලාංකිකයින් සඳහා පමණක් ද?

ව්‍යපාරයට /අදහසට සමාන කොටස් හිමි ශ්‍රී  ලාංකික සම නිර්මාතෘ/හවුල්කරුවෙකු (පුරවැසියෙකු) සිටී නම් ජාත්‍යන්තර  අයදුම්කරුවන්ට අයදුම් කළ හැකිය.

එය ආරම්භක/කුඩා හා මාද්‍ය  පරිමාණ ව්‍යාපාරයක් නම් එය ශ්‍රී  ලංකාවේ සංස්ථාගත කළ යුතුය. ලියාපදිංචි නොකළ ආයතනයක්/ අදහසක්/ පුද්ගලයෙක් ඉල්ලුම් කරන්නේ නම්, ඔබට සමාන කොටස් සහිත ශ්‍රී  ලාංකික සම-නිර්මාතෘ/ හවුල්කරුවෙකු සිටිය යුතුය.

මෙම වැඩසටහනට සම්බන්ධ වීමෙන් මගේ බුද්ධිමය දේපළ ආරක්ෂා වේද?

ඇක්සලරේටර් වැඩසටහනට සම්බන්ධ වීමෙන් ඔබගේ අදහස් / සංකල්පවල හිමිකාරිත්වය පැවරීමක් සිදු නොවේ. විධායක සාරාංශය සහ ගූගල් පෝරමය හරහා එකතු කරන ලද සියලුම තොරතුරු විශ්වාසයෙන් යුතුව රහසිගතව තබා ගනු  ලැබේ.

වැඩසටහන අවසන් වූ පසුවත් මට ඔබ සමඟ සම්බන්ධව සිටිය හැකිද?

අනිවාර්යයෙන්ම පුළුවන්.